පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ පනත හෙවත් පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ සම්බන්ධයෙන් දෙවන වර කියවීම (22) දිනයේ පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.