IPL තරගාවලිය අදින් ආරම්භ වෙයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන අදියර අද(22) ආරම්භ වනවා.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මෙතෙක් නිවේදනය කර ඇත්තේ අර්ධ කාලසටහනක් පමණයි.

නිවේදනය කර ඇති තරග කාලසටහනට තරග 21 ක් ඇතුළත් අතර ක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 4ක් ද තරග කාලටසහනට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මස්ත තරග සංඛ්‍යාව 74 ක් වන අතර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර, T20 ලෝක කුසලානය ආරම්භ වීමට එතැන් සිට ඉතිරිව ඇත්තේ දින පහක කාලයක් පමණයි.

news images