IMF දෙවැනි සමාලෝචනය ගැන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ඒ අනුව මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී අනුමත කළ යුතු බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබීමට නියමිතයි.