සාධාරණත්වයක් ඇති වීමට මුලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි – මහින්ද

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉන්පසු ජනාධිපතිවරණයකට යෑම වඩා සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එසේ නොමැතිව මුලින් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරණය ජය ගන්නා පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබෙන බවයි.

ඒ අනුව සාධාරණත්වයක් ඇතිවීමට නම් මුලින් මහ මැතිවරණය පවත්වා ජනාධිපතිවරණයකට යා යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.