නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමට එළඹීම මීළඟ පියවර විය යුතුයි – IMF

ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර සහ ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීම පවත්වාගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වී ඇති බවත් සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණයක් අවශ්‍ය බවද එම අරමුදල පෙන්වා දෙනවා.

නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ කාලෝචිත ආකාරයකින් වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමට එළඹීම මීළඟ පියවර විය යුතු බවද එම අරමුදල පෙන්වා දෙනවා.

මෙය මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරී විය යුතු බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

එසේම 2025 වසරේ දේපල බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතිය සඳහා ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.