ජනතාව එක පැත්තක තියලා හොරු ටික අනික් පැත්තේ තියලා මේ අරගලය ජයග්‍රහණය කරනවා – සුනිල් හඳුන්නෙත්ති

රටේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා ඇත්තේ තවත් සති අන්ත 15 ක් පමණක් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

මේ රට විනාශ කිරීමට කටයුතු කළ, අදටත් විනාශ කිරීම සඳහා කටයුතු කරන හොරු, ජඩ වැඩ සියල්ල සිදුකරන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ජනතාව එක පැත්තක තබා හොරු ටික අනික් පැත්තේ තබා මෙම අරගලය ජයග්‍රහණය කරන බවත් තවත් පෝය 6 කින් සතිඅන්ත 15 කින් ජනතාවගේ ආණ්ඩුව වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නිර්මාණය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.