ගිනි අවි ගැන තොරතුරු ලබාදෙන අයට පොලීසියෙන් මුදල් ත්‍යාග

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලීසිය පවසනවා.

ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන බවටද පොලීසිය සහතික වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එක් එක්  අවි වර්ග සඳහා ලබාදෙන  මුදල් වෙනස් වන අතර T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

news images
news images