වැල්ලවාය බස් රථ අනතුරකින් 15 ක් රෝහලට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.