ලන්ච් ෂීට් කිලෝ 5,377ක් විනාශ කෙරේ

සිය භාරයට ගත් නීතිවිරෝධී ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච්ෂීට් සොයාගෙන තිබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත් නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් මෙලෙස විනාශ කිරීමට කටයුතු කර තිබුණා.