මුදල් නෝට්ටු විකෘති කර නිර්මාණ කිරීම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැඩි දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. news images