ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

දියේ ගිලි මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නාර්තුපාන පාලම අසල කළු ගඟේ පාවෙමින් තිබියදී අද (21) හමුවූ බව තෙබුවන පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ අගුරුවාතොට උස් වත්ත ලිපිනයේ පදිංචිව සිටි හල්නෙත්ති රුවන්සිරි පෙරේරා නමැති  43 හැවිරිදි පුද්ගලයකු ගේ බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය කීය.

මිය ගිය පුද්ගලයා අඟුරුවාතට ඉන්ධන පිරවුම්හලේ මුරකරුවෙකු ලෙස සේවය කර තිබෙයි.

මියගොස් ඇති තැනැත්තා අතුරුදන් බවට පසුගිය 20 දා පස්වරුවේ ඔහුගේ බිරිඳ විසින් අඟුරුවාතට පොලිසියට පැමිණිල්ලක් කර ඇත

තෙබුවන  පොලිස් ස්ථානයට ලද 119 පණිවිඩයකට අනුව නාර්තුපාන පාලම ආසන්නේ කළුගගේ  ගං ඉවුරේ පාවෙමින් තිබූ මළ සිරුර සොයාගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට  නියමිතය.