අනුර කුමාර දිසානායක කැනඩාවේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (20) සවස කැනඩා​වේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරය අතරතුර ඔහු ජන හමු කීපයක් හරහා කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඇමතීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.

ඉන් ප්‍රධාන ජන හමු දෙකක් කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී සහ වැන්කුවර් නගරයේදී පැවැත්වීමට නියමිත බවද, ඊට අමතරව ඔහු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙමින් සුහද හමු කිහිපයකට සහභාගිවීමට නියමිත බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා