චීනයෙන් ලොකු ළුෑණු ආනයනය කර මිල අඩු කිරීමට සැලසුම්

ලොකු ළුෑණු තොගයක් චීනයෙන් ඇණවුම් කර ඇති බවත්, එය ඉදිරි දින 5 තුළ මෙරටට ලැබෙනු ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

මෙම ළුෑණු තොගය ලැබීමත් සමග වෙළඳපොළේ දැනට පවතින අධික ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.

එසේම එයට අමතරව ලොකු ළුෑණුවලට ආදේශකයක් ලෙස රෝස ළුෑණු ආනයනය දිරිමත් කිරීමටද පියවර ගෙන ඇති බව ද, ඒ අනුව රෝස ළුෑණු  කිලෝග්‍රෑමයක් මත පනවා ඇති රුපියල් 70ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.