COPE කමිටුව දැන් PORK කමිටුවක් වෙලා – අසංක නවරත්න

COPE කමිටුව මේ වන විට PORK කමිටුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසනවා.

අරගලයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් ගෙන දේශපාලඥයින් වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම වෙනුවට, එම වැරදිම නැවත නැවත සිදුකරමින් කටයුතු කරනවා නම් එම දේශපාලඥයින් වලපල්ලට ගමන් කරන බවයි ඔහු සඳහන් කළේ.

COPE කමිටුවේ සභාපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් සිටිමින් කටයුතු කිරීමේ නීතිමය පදනමක් හෝ සදාචාරාත්මක පදනමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව චෝදනා ලැබූ පුද්ගලයින් සමඟ කමිටු ගොඩ නගා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවලට සහයෝගය ලබාගත හැකිද යන්න, ජනාධිපතිවරයාම සිතා බැලිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.