COPE කමිටුවේ සාමාජිකයන් 8 ක් ඉල්ලා අස්වෙයි

COPE කමිටු සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන පත් කිරීමට එරෙහිව මේ වන විට COPE කමිටුව සඳහා පත් කළ විපක්ෂයේ සාමාජිකයන් 8 දෙනෙකු ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හිටපු COPE කමිටු සභාපතිවරයෙකු වූ මහාචාර්ය චරිත හේරත් ඇතුළු එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර්, ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ, ගාමිණි වලේගොඩ මෙලෙස ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

එසේම අද (20) දිනයේ එම කමිටුව සඳහා පත් කළ නීතීඥ වසන්ත යාපා බණ්ඩාරද මීට සුළු මොහොතකට පෙර තමන්ද ඉල්ලා අස්වන බව දැනුම්දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.