මැතිවරණ ක්‍රමය සංශෝධනය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවධානමක් තිබෙනවා – පැෆරල්

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයකට ගෙනයෑම සඳහා අදාළ යෝජනාව සම්මත කර ඇති බවත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් සීමානීර්ණ කිරීම නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ යම් එකඟතාවයක් තිබිය යුතු බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් සීමානීර්ණය අවසන් නොවුණොත් ඉදිරි අගෝස්තු මාසය වනවිට මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පවතින මැතිවරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන ආකාරයේ සංශෝධනයක් මේ කෙටුම්පත තුළ ඇතුළත් වීම අනිවාර්ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ නොවුනහොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කර, නීතිය සම්මත වී, සීමා නිර්ණය අවසන් කර නොතිබීමටද හැකි බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.