පාලම් 162ක් ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට – ජානක වක්කුඹුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩ කටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම සංචාරක ආකර්ශනය සහිත ස්ථාන දියුණු කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ලබාදුන් රුපියල් මිලියන 1000 ව්‍යාපෘතිය ද අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවසන් කිරීමට කටයුතු කරන කරන බවද ඔහු සඳහන් කළා.

ඒ වගේම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 29,000න් වැඩි ප්‍රමාණයක් ස්ථිර කර තිබෙන බවත්, තවත් නිලධාරීන් 2600ක ප්‍රමාණයක් ඉතිරිව සිටින අතර පවතින පුරප්පාඩු සහිත ස්ථාන වෙනුවෙන් අයදුම් කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.