මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් කොට්ඨාස ක්‍රමයටත්, සෙසු 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයටත් තෝරාගන්නා පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාල පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images