පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු ‍පාසල් සඳහා තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක්

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි  දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ​ව පහත දුරකථන, ෆැක්ස්, ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

පෙළ පොත් සඳහා  –  

*දුරකථන අංක – 0112784815/0112785306*ෆැක්ස් – 0112784815*විද්‍යුත් ලිපිනය – [email protected]

නිල ඇඳුම්  රෙදි  සඳහා –

*දුරකථන අංක – 0112785573*ෆැක්ස් – 0112785573*විද්‍යුත් ලිපිනය – [email protected]