අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබාදීමට කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැ​ඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.