වව්නියාවේ පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී විරෝධතාවයක නිරත වී තිබෙනවා.

අද (19) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභා ගර්භය මධ්‍යයේ විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.