තර්ජන නොතකා පාතා­ලය-මත්ද්‍රව්‍ය මඬි­මින් අනා­ගත පර­පු­රට නිද­හස් රටක් බිහි කර­නවා – ඇමැති ටිරාන් අලස්

කුමන තර්ජන ගර්ජන තිබුණ ද පාතා­ලය, මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් නීතියේ රැහැ­නට හසු­කර ගනි­මින් අනා­ගත පර­පු­රට නිද­හස් නිව­හල් රටක් බිහි කිරීමේ වග­කීම නිසි­යා­කා­රව ඉටු කරන බව මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අව­ධා­ර­ණය කරයි.

අප­රාධ හා ප්‍රච­ණ්ඩ­ත්වය පිළි­බඳ බිය­කින් තොරව විශ්වා­ස­යෙන් යුතුව ජීවත් වීමට හැකි සාම­කාමී පරි­ස­ර­යක් බිහි කිරීම තේමා කර ගනි­මින් වවු­නි­යාව හා මන්නා­රම කොට්ඨා­ස­වල මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීමේ විශේෂ වැඩ­ස­ට­හ­නක් සහ

ද්‍රවිඩ භාෂා­වෙන් පැමි­ණිලි සහ තොර­තුරු ලබා දීම සඳහා ‘107’ හදිසි දුර­ක­තන ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය ස්ථාපිත කිරීම මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධා­න­ත්ව­යෙන්, අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක හා පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් (16) වවු­නි­යාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.  එම අව­ස්ථාවේ මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙලෙස අද­හස් දැක්වීය.

අද අප මෙත­නට පැමි­ණියේ පොලි­ස්ප­ති­තුමා ප්‍රකාශ කරපු පරිදි යුක්තිය මෙහෙ­යුම ගැන කියලා ඔබ සියලු දෙනා කළ යුතු දේ පැහැ­දිලි කරන්න. අප මේ මෙහෙ­යුම පටන් ගත්තේ මාස තුන­කට කලින්. ඊටත් මාස හය­කට විතර කලින් මම පොලි­ස්ප­ති­තු­මාට කියා සිටියේ මට මෙවැනි දෙයක් කරන්න අව­ශ්‍යයි කියලා. එත­කොට එතුමා පොලි­ස්පති නෙමෙයි. අප ඒකට අවශ්‍ය කට­යුතු සැල­සුම් කරන්න කමි­ටු­වක් පත් කෙරුවා. පොලි­ස්ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඒ පත් කරපු කමි­ටුව මාස හයක් විතර ගියාට පස්සේ අප එක්ක සාකච්ඡා කරලා අප මේ මෙහෙ­යුම කරන්නෙ කොහො­මද කියන එක තීර­ණය කෙරුවා.

ඉන්පසු දේශ­බන්දු තෙන්න­කෝන්ව වැඩ බලන පොලි­ස්පති හැටි­යට පත් කර ගත්තට පස්සේ මම තීර­ණය කෙරුවා මෙහෙ­යුම පටන් ගන්න.

මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේ­ෂ­යෙන් එක දව­ස­කින් මුළු දකුණු පළා­තම මෙවැනි රැස්වීම් මාලා­ව­කින් ආව­ර­ණය කරන්න. අප ගිය වසරේ දෙසැ­ම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අප මහ­ජ­න­තාව දැනු­ම්වත් කෙරුවේ 17 වැනිදා පහු­වදා උදේ ඉඳන් මෙම මෙහෙ­යුම පටන් ගන්නවා කියල.

අප මෙහෙ­යුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාට­වත් කිසිම බුරු­ලක් නොදී මේ මෙහෙ­යුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙන­කම් කර­ගෙන යනවා.

ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනු­වෙන්, ඔබ සියලු දෙනාගේ දූ දරු­වන් වෙනු­වෙන්, අප රටේ සියලු මහ­ජ­න­තාව වෙනු­වෙන්. එහෙම හිතලා කරන මේ මෙහෙ­යුම මේ කුඩු තුරන් කිරීම සහ පාතා­ලය තුරන් කිරීම අප කිසිදු බල­පෑ­ම­කට යටත් නොවී දිග­ටම කර­ගෙන යනවා. ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවා­රමේ තියෙන මුදල් වීසි කරන්න ලෑස්තියි අපේ මේ මෙහෙ­යුම නව­ත්වන්න. සම­හර රටේ පිළි­ගත් උද­විය මේ මිලි­යන ගණ­න්ව­ලට යට­වෙලා ඔවු­නුත් අපට බල­පෑම් කර­නවා. ඒ අතර සම­හර නීතිඥ මහ­ත්වරු ඉන්නවා. NGO කට්ටිය ඉන්නවා. බල­වත් තව පුද්ග­ල­යන් ඉන්නවා. ඒගො­ල්ලන් දැන් මේ දව­ස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලි­ස්ප­ති­තු­මාගේ පොලි­ස්ප­ති­කම නැති කරන්න. ජාත්‍ය­න්ත­ර­යෙන් බල­පෑම් එනවා. අපට ලියුම් එව­නවා. නිවේ­දන නිකුත් කර­නවා. මේ දේවල් කරන්න කියලා.