ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

2023(2024) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව (19) සිට 29 වනදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවත් ‍, අදාළ දිනය හා ස්ථානය කිසිඳු හේතුවක් මත වෙනස් නොකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

news images