විපක්ෂයේ පක්ෂ එකතුවෙන මහා සන්ධානය පෙළගැහෙන්නේ සජිත් ජනාධිපති කරවීම සඳහා – ඩිලාන්

මෙම මාසය තුළ විපක්ෂයේ බොහෝ පක්ෂ එකතු කර ගනිමින් මහා සන්ධානයක් නිර්මාණය කර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීම සඳහා පෙළගැසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක් කිරීමට තමන් උත්සාහ කළද, සමහර දේශපාලන පක්ෂ තනියෙන් ජයග්‍රහණය කළ හැකි බවට වන තක්සේරු හේතුවෙන් එම සන්ධානය සඳහා එක් නොවූ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් එක් කර ගැනීමට හැකි සියලු බලවේග එක් කරගැනීම සඳහා මැදිහත් වී, මෙම මාසය තුළ මහා සන්ධානයක් ලෙස එය එළිදක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.