රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ භාරයේ ඇති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.