රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව 5 වන දිනටත් පැවැත්වෙයි

අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (19) 5 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එහි සභාපති අමිල සංජීව සඳහන් කළේ.

මේ හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.