මාර්තු මාසයේ දින 17 ක් තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට

2024 මාර්තු 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය සුපුරුදු පරිදි ඉන්දීය සහ රුසියානු සංචාරකයින් වන අතර මීට අමතරව ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනයෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්. 

news images
news images
news images