මානුෂීය ජනතා සන්ධානය මං ගොඩනගන්නේ මට ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන නෙමෙයි – දයාසිරි

තමන් ගොඩනගන මානූෂීය ජනතා සන්ධානය යනු මනුෂ්‍යත්වය මත පදනම් වූ නව සංකල්පයක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පක්ෂ 18 කට වැඩි ප්‍රමාණයක් ලබන බදාදා මේ සඳහා එක්වන බවත්, ඒ හරහා රටට නව බලාපොරොත්තුවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් තමන් මෙම සන්ධානය තමන් ගොඩනගන්නේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් නොවන බවත්, සියලු දෙනා සමඟ සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂා කවුරුන්ද යන්න තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.