පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව (19) සිට 22 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන් අනතුරුව හෙට (20) දිනයේ පස්වරු 4.30 ට විශ්වාසභංග යෝජනාවට  අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.