පරදින බව දන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්ත පරාජයක් ලැබූ විට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබෙන ආසන සංඛ්‍යාව අඩුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රාජ්‍ය බලය ඇති පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයදී යම් වාසියක් ලැබීම හේතුවෙන් ජනාධිපතිවරණයෙන් පසු ඔවුන්ට එය අහිමිවන නිසා ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බලපෑම් කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.