තාරුණ්‍යයේ සිහින සැබෑ කිරීමට අපි කැපවෙනවා – සජිත්

තාරුණ්‍යයේ නිදහස ආරක්ෂා කරමින් ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට තමන් කැපවන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා තමන් තාරුණ්‍යට මුල්තැන ලබාදෙන බවයි.

සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය ලබාදෙන බවත් දේශපාලඥයින්ගේ අත‌කොළුවක් නොවී ස්ව ශක්තියෙන් ගැනී සිටීමට හැකිවන පරිදි ඉනිමඟ සකස් කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

news images
news images
news images