ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු පැවැත්වෙයි

කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය (17) පවත්වා තිබෙනවා.

ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඔටාවා නගරාධිපති, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්, කැනඩා මැති ඇමතිවරුන් ඇතුළු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පවත්වා ඇති බවයි කැනඩා මාධ්‍ය වාර්තා කළේ.

අවමංගල්‍ය උත්සවය සඳහා සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි ධනුෂ්ක වික්‍රමසිංහද පැමිණ සිට තිබුණා. 

news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images