SL vs BAN 3rd ODI : බංග්ලාදේශයට ලකුණු 236 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර  තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්නෙවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක්, චරිත් අසලංක ලකුණු 37 ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ජනිල් ලියනගේ නොදැවී ලකුණු 101 ක් හා ඔහුට අනගි සහයෝගයක් ලබාදුන් මහීෂ් තීක්ෂණ ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed කඩුලු 2 ක්, Mustafizur Rahman කඩුලු 2 ක්, Mehidy Hasan Miraz කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 236 ක්.