විස්සයි20 2026 ලෝක කුස­ලා­නයේ ශ්‍රී ලංකාවේ ඉඩ වෙන් වෙයි

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය මඟින් 2026 වසරේ පැවැ­ත්වී­මට නිය­මිත විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ ක්‍රියා­ව­ලිය අනු­මත කිරී­මට විධා­යක මණ්ඩලය කට­යුතු කර තිබේ.

ඒ අනුව තර­ගා­ව­ලියේ සත්කා­ර­ක­යන් වීම හේතු­වෙන් ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව මේ තර­ගා­ව­ලි­යට ඍජුව සුදු­සු­කම් ලබා­ගෙන ඇති බව අයි­සී­සීය (15) නිල වශ­යෙන් නිවේ­ද­නය කළේය.

ඩුබා­යි­හිදී පැවති අයි­සීසී රැස්වී­මේදී මේ තීර­ණය ගෙන ඇති අතර ඒ අනුව කණ්ඩා­යම් 20ක් තර­ගා­ව­ලි­යට එක්වනු ඇත.

මින් පෙර 2021 වසරේ නොවැ­ම්බර් මස 16 වැනිදා අයි­සී­සීය විසින් තර­ගා­ව­ලියේ සත්කා­ර­ක­ත්වය ප්‍රකාශ කර තිබිණි.

සත්කා­ර­ක­යන් සමඟ කණ්ඩා­යම් 12ක් ස්වයං­ක්‍රී­යව මේ තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබන අතර කණ්ඩා­යම් 8ක් ස්ථාන ලබා ගැනීම සඳහා කලා­පීය සුදු­සු­කම් ලැබීමේ තර­ග­ව­ලට ක්‍රීඩා කරනු ඇත. කණ්ඩා­යම් 12 අත­රට මේ වසරේ විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ හොඳම කණ්ඩා­යම් 8 සමඟ සත්කා­ර­ක­යන්ගේ අව­සන් ස්ථාන අනුව මේ වසරේ ජුනි 30 වැනිදා වන විට ශ්‍රේණි­ගත කිරී­ම්වල ඉදි­රි­යෙන් පසු­වන කණ්ඩා­යම් (2 හෝ 4) සඳහා අව­ස්ථාව හිමි වෙයි.

2026 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පෙබ­ර­වාරි සහ මාර්තු මාස­ව­ලදී පැවැ­ත්වී­මට නිය­මිත අතර කණ්ඩා­යම් 20ක් එක් වන අතර ඊට ඇතු­ළත් තරග සංඛ්‍යාව 55කි.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­ය­කට මේ රට­වල් ද්විත්ව සත්කා­ර­ක­ත්වය දෙන දෙවැනි අව­ස්ථාව මෙය වන අතර මින් පෙර 2021 වස­රේදී ශ්‍රී ලංකා­වත්, 2016දී ඉන්දි­යා­වත් සත්කා­ර­ක­ත්වය ලබාදී තිබේ.