වසර 8කට පසු ආන­න්දය එක්දින සටනේ ජය පැන් බොයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩ­ක­යින් පිරි­සක් දායාද කළ මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද – නාලන්දා විදු­හල් අතර 47 වැනි ‘සුලෝ­හිත සංග්‍රා­මය’ එක්දින ක්‍රිකට් තර­ගයේ ජය වසර 8කට පසු ආනන්ද විදු­හල දිනා ගත්තේය.

ඊයේ එස්එස්සී පිටි­යේදී නිමාවූ මෙම එක්දින ක්‍රිකට් තර­ග­යෙන් කඩුලු 5ක ජයක් ආනන්ද විදු­හ­ලට හිමි විය. කාසියේ වාසිය දිනා­ගත් නාලන්දා පිල මුලින් පන්දු­වට පහ­ර­දී­මට තීර­ණය කොට කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස් කළ අතර පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද ක්‍රීඩ­කයෝ කඩුලු 5ක් දැවී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කර ගියහ.

අව­සන් වරට 2016දී නිසල ෆ්‍රැන්සි­ස්කෝගේ නාය­ක­ත්ව­යෙන් ආනන්ද විදු­හල මේ එක්දින ක්‍රිකට් තර­ගය ජය­ගත් අතර එවර නාලන්දා පිල දසුන් සෙනෙ­වි­රත්න මෙහෙ­ය­විය.

ආනන්ද විදු­හල ජය මාවත කරා ගෙන ගිය දිනද අත­ලගේ පන්දු 84කදී හයේ පහර 2ක් හා හතරේ පහර7ක් සමඟ නොදැවී ලකුණු 70ක් ලබා­ගත් අතර කාංචන ද ලිවේරා පන්දු 66කදී ලකුණු 55ක් හා නායක ඉරුත් ගිම්ෂාන් පන්දු 41කදී ලකුණු 42ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකාව 1996 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුස­ලා­නය ජය­ග්‍ර­හ­ණය කර ඊයේ දිනට වසර 28ක් සපි­රීම නිමි­ත්තෙන් 1996 වසරේ මාර්තු 17 වැනිදා උපත ලැබූ අයට තර­ගය නැර­ඹීම සඳහා නොමි­ලයේ අව­ස­ර­පත් ලබා­දුන් අතර එයින් තෝර­ගත් පිරි­ස­කට විශේෂ සමරු තිළිණ ලබා දීමට ද කට­යුතු යොදා තිබිණි.

1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුස­ලා­නය දිනූ කණ්ඩා­යමේ නාය­ක­ත්වය දැරූ අර්ජුන රණ­තුංග මෙන්ම අසංක ගුරු­සිංහ, රොෂාන් මහා­නාම හා කුමාර් ධර්ම­සේන යන ක්‍රීඩ­ක­යන් ආනන්ද හා නාලන්දා විදු­හ­ල්වල ආදි සිසුහු වෙති‍.

මේ එක්දින තර­ගයේ හොඳම පිති­කරු සම්මා­නය නාලන්දා විදු­හලේ සදෙව් සම­ර­සිංහ, හොඳම පන්දු යවන්නා ආනන්ද විදු­හලේ අයේෂ් ශෂි­මාල්, හොඳම පන්දු රකින්නා ආනන්ද විදු­හලේ රවි­ශාන් පෙරේරා හා තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ආනන්ද විදු­හලේ දිනද අත­ලගේ සම්මාන දිනා ගත්හ.

නාලන්දා විදු­හල කඩුලු 8ක් දැවී ලකුණු 228 (ඕවර 50)

සහන් ලිත්මිණ 46, සදෙව් සම­ර­සිංහ 54, මනුප මන්මිත 12, සජිත විතා­නගේ 23, ඔසඳ පමු­දිත 13, සත්මිණ සේර­සිංහ 18, හසිත රත්නා­යක 11, තරුක සූරි­යා­රච්චි නොදැවී 17, මිනෝද් කල්දේරා නොදැවී 19 (අශිංස නයි­නා­යක 56/2, අයේෂ් ශෂි­මාල් 28/2, කිත්ම විතා­න­ප­ති­රණ 22/1, කෙනුල් ද සොයිසා 28/2,

ආනන්ද විදු­හල කඩුලු 5ක් දැවී ලකුණු 229 (ඕවර 43.1 )

කාංචන ද ලිවේරා 55, ඉරුත් ගිම්ෂාන් 42, අයේෂ් ශෂි­මාල් 14, කිත්ම විදා­න­ප­ති­රණ 10, දිනද අත­ලගේ නොදැවී 70, කෙනුල් ද සොයිසා නොදැවී 10 (ඔසඳ පමු­දිත 39/1, මිනෝද් කල්දේරා 24/1, හසිත් රත්නා­යක 24/1, තරුක සූරි­යා­රච්චි 12/1)