ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට එක්සත් රාජධානියේ විශේෂඥ සහයෝගය

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ග ගත ආරක්ෂණ පනත, ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එක්සත් රාජධානියේ නීතිපති, රාජ නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් දැනුවත් කළේය.

අධිකරණ අමාත්‍යතුමා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගියදා එක්සත් රාජධානියේ දී හමු වු අතර, එහිදී මෙම දැනුවත් කිරීම සිදු කෙරිණ.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරන වැදගත් කාර්යය භාරයයන් පිළිබදවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීම පිළිබදවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යතුමා දැනුවත් කළාය.

ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා මහාධිකරණයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් නීතිපතිවරිය දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශිකා හිරුණි රාජපක්ෂ සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලයේ (ONUR) සභාපති චරිත් මාරඹේද මෙම අවස්ථාවට එක් වුහ.