බස්නාහිර සහ දකුණේ අපරාධ කල්ලි මර්දනයට විශේෂ මෙහෙයුමක්

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය විසින් නව මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20 ක් බස්නාහිර හා දකුණ යන ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාගේ නියෝගවලට පමණක් මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දිනවල බස්නාහිර පළාත තුළ හා දකුණු පළාත තුළ ද අපරාධ කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.