පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න යෝජනාවක් ආවොත් අපි සහයෝගය දෙනවා – එස්.එම්. මරික්කාර්

ජනතාවගේ වේදනාව පිටකිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව ලැබෙන පළමු අවස්ථාවට ඉඩ ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රයට වැඩ කිරීමට සූදානම් නොමැති වුවත් පාර්ලිමේන්තුවේ කිසියම් කණ්ඩායමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඒ සඳහා සහයෝගය ලබාදීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තම පක්ෂය ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් බවත් හැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.