ගාල්ලට කඩුලු 10ක ජයක්

නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිව්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ දෙවැනි අදි­යර ආරම්භ කර­මින් හම්බ­න්තොට පැවති තර­ගය කඩුලු 10කින් ජය ගැනී­මට ගාල්ල කණ්ඩා­යම සමත් විය.

පළමු අදි­යර නිමා වන විට ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගෙන සිටි ගාල්ල කණ්ඩා­යම (51.68) මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 68.455 දක්වා ඉහළ දමා ගත්තේය.

මේ තර­ගයේ මහ­නු­වර පළමු ඉනිම ලකුණු 210කට සීමා කළ ගාලු ක්‍රීඩ­කයෝ පළමු ඉනි­මට ලකුණු 248ක් රැස් කළ අතර දෙවැනි ඉනි­මේදී මහ­නු­වර පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 144ක් පමණි. ඒ අනුව ජය­ග්‍ර­හ­ණය සඳහා හිමි වූ ලකුණු 107 කිසි­වකු නොදැවී සපුරා ගැනී­මට ගාලු ක්‍රීඩ­ක­යන් සමත් වූ අතර මේ තර­ගය දින 3කින් නිමා විය.

මේ අතර ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති කොළඹ පිල සහ යාප­නය අතර තර­ගය ඊයේ ජය පරා­ජ­යෙන් තොරව නිමා විය.

මේ තර­ග­යේදී යාප­නය පිල පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 491ක් රැස් කළ අතර පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩ­කයෝ පළමු ඉනිම අත්හි­ටු­වූයේ කඩුලු 8කට ලකුණු 592ක් රැස් කර සිටි­ය­දීය. ලකුණු 101ක් පසු­ප­සින් දෙවැනි ඉනිම ඇරඹූ යාප­නය පිල ඊයේ තර­ගය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 146 රැස් කර තිබිණි.

ඊයේ තර­ගයේ අව­සන් දිනය ආරම්භ වන විට නුව­නිඳු ප්‍රනාන්දු (172) සහ දසුන් ශානක (50) නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර තවත් ලකුණු 8ක් එක් කර ගැනී­මට නුව­නි­ඳුට හැකි විය. ‘ඒ’ කාණ්ඩයේ සිය හොඳම ඉනිම ක්‍රීඩා කළ ඔහු සිය ලකුණු 180 වෙනු­වෙන් පන්දු 288කට මුහු­ණ­දුන් අතර හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

සිය ඉනිම ශත­ක­යක් කරා ගෙන ගිය දසුන් ශානක දැවී යන විට පන්දු 125කින් ලකුණු 118ක් රැස් කර තිබිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 2කින් වර්ණ­වත් විය.