ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදියර 7ක් යටතේ එම මැතිවරණයේ පළමු අදියර  අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදා ආරම්භවීමට නියමිතයි.

03 වන අදියර මැයි 07 වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 97 ක පමණ ජනතාවක් සුදුසුකම් ලබා සිටින බවද සඳහන්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී, මෙවර අඛන්ඩව තෙවැනි වරටත් බලයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින භාරතීය ජනතා පක්ෂය ආසන 303ක් දිනාගත් අතර කොංග්‍රසයට ආසන 52ක් හිමිව තිබුණා.

news images