අද අපි ජයග්‍රහණය පේන මානයට ඇවිල්ලා තියෙන්නේ, තව මාස 7යි – අනුර

දීර්ඝ කාලයක් විවිධ අවලාදයන්ට සහ මර්දනයන්ට මුහුණ දීමෙන් අනතුරුව අද තමන් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

(17) මාතර පැවති එම පක්ෂයේ තරුණ රැලිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර් මාසය අග වන විට මෙරට නව ආණ්ඩුවක් සහ නව පාලනයක් බිහිවනු ඇති බවයි.

කෙසේ නමුත් හුදෙක් ඡන්දදායකයන්ගෙන් ආණ්ඩුවක් සෑදී පළක් නොමැති බවත්, සමාජය මුළුමනින්ම පරිවර්තනයකට භාජනය කිරීමේ ප්‍රධාන වැඩකටයුත්ත එම ආණ්ඩුවට පැවරෙන බවයි ඔහු සඳහන් කළේ.

ගඳ ගසන, කිළුටු වූ සහ නව තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන වත්මන් දේශපාලනය පිරිසිඳු භාවයට පරිවර්තනය කළ යුතු බවද, වත්මන් විනාශකාරී ආර්ථික ගමන, රටට සතුට, සෞභාගය කැඳවාගෙන එන ආර්ථික ගමනක් බවට පරිවර්ථනය කළ යුතු බවද, එය කළ හැක්කේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමකින් පමණක් බවද ඔහු අවධාරණය කළා.

අද දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් මාතරට එක්රොක්වීම හරහා පෙන්නුම් කරන්නේ දශක ගණනාවක් හා පරම්පරා ගණනවක් රට මුහුණ දුන් දුක්ඛදායී තත්ත්වයෙන්, මෙරට ජනතාව හා රාජ්‍ය මුදවා ගැනීමට ජනතාව සූදානම් යන්න බවයි ඔහු වැඩිදුරටත් සඳහන් ක​ළේ.

news images
news images
news images
news images