මහ බැංකු පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාරදෙයි

මහ බැංකු පනත සංශෝධනය සඳහා ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න වෙත භාරදී  තිබෙනවා.

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගැනීම අනිවාර්යය කිරීමේ අරමුණෙන් 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මෙම මන්ත්‍රී යෝජනාව භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බව පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාර ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න ප්‍රකාශ කළා.