දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව අද සිට සංශෝධනය වෙයි

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව අද (14) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පස්වරු 7.00 ට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.