විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ.

එසේම ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.