ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර ලබාදීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යුනයිටඩ් යූත් තරුණ එකමුතුව මගින් “තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් බවත්, නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මොටර් රථ ආනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙන බවත්, නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට සහ මේ වසරේ සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අවසර ලබාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.