මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය එක් මං තීරුවකට සීමා කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක කොටසක රිය ධාවනය සති දෙකක කාලයක් සඳහා එක් මං තීරුවකට සීමා කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (14) සිට දින 14ක කාලයක් මෙම සීමාකිරීම සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව මීරිගම – කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගයේ 56 වෙනි කිලෝමීටරයේ සිට 57 වෙනි කිලෝමීටරය දක්වා කොටසේ මෙම සීමා කිරීම සිදු කරනු ඇති බව වැඩිදුරටත් සඳහන්.