දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීමට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව අද සිට – වී අලෙවි මණ්ඩලය

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

වී මිලදී ගැනීම සඳහා 8%ක පොලියට ගොවි භාරකාර අරමුදලෙන් මිලියන 100ක ණයක් ලබාගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.