ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළට

මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් සඳහන් කළේ.

මේ රෝග තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරන බවත්, සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතින බවයි ඇය සඳහන් කළේ.

2035 වනවිට මේ රෝගය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඒ සඳහා රෝගීන් වාර්තාවීම 90% කින් සහ මරණ සංඛ්‍යාව ඇති වීම 95%කින් අවම කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් වැඩිදුරටත් සඳහන් කළේ.