කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය සඳහා දින නියම වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට අද (14) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.