ඔවුන්ට අවනත වෙච්ච විදිය හොඳයි කියලා IMF සහතික වෙලා තියෙනවා – චාමර සම්පත්

IMF නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඩොලර් මිලියන 700 ක අවසාන වාරිකය මෙරටට ලබාදීමට කොන්දේසි විරහිතව එකඟ වී ඇති බව චාමර සම්පත් අමාත්‍යවරයා පවසනවා.

එම සාකච්ඡාවේදී නැවතත් බදු වැඩි කිරීමට, බඩු මිල වැඩි කිරීමට යෝජනා කළේ දැයි තමා ජනාධිපති ලේකම්ගෙන් පුද්ගලිකව විමසූ බවත්, එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැන් කරගෙන යන ආකාරය හොඳ බවත්, IMF යෝජනා සඳහා ඇහුම්කන් දී ක්‍රියාත්මක කළ ආකාරය හා අවනත වූ ආකාරය හොඳ බවට ඔවුන් සහතිකයක් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් හෙළි කර සිටිනවා.